ගිනිගත් කර්මාන්ත ශාලාව ගැන කිසිවකු නොදත් දෙයක් හෙළිවෙයි

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගින්නෙන් විනාශ වූ කර්මාන්ත ශාලාව සඳහා පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

අද (18) පැවති මාධ්‍ය හමුවක දී එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේ, රසායනික කර්මාන්ත ශාලාව තුළ ඇතිවූ ගින්නෙන් වායු ගෝලයට සහ අපජලය එක්වීමෙන් අවට පරිසරයට හානි සිදුව ඇති බවය.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන අදාළ කර්මාන්ත ශාලාව සහ ගබඩා සඳහා නිසි බලපත්‍ර ලබාදීමට ක්‍රියා නොකිරීම පිළිබඳ කර්මාන්ත පුරයේ පරිපාලනය ද වගකිව යුතු බව අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, ගිනිගත් කර්මාන්ත ශාලාව ආශ්‍රිත ප්‍රදේශවලට නිකරුණේ ගමන් නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published.