වගා හානිය ගැන උතුරු කොරියානු නායකයා නිලධාරීන්ට දෙහි කපයි

තම රට තුළ ඇතිවූ ගංවතුර තත්ත්වයේදී වගාවන් බේරාගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා එරට නිලධාරීන්ට චෝදනා කර තිබේ.

කිම් ජොන්ග් අන් පවසා ඇත්තේ එම නිලධාරීන් උතුරු කොරියාවේ ආර්ථිකය විනාශ කර ඇති බවය.

නිලධාරීන් එම උවදුරට වගකීම් විරහිත ලෙස ප්‍රතිචාර දක්වා තිබූ බව ඔහු පැවසීය. 

උතුරු කොරියානු ජනාධිපතිවරයා ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව තිබූ කුඹුරු නිරීක්ෂණය සඳහා එක්වී තිබේ.

එහිදී ඔහු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ද දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.