කෝප් කමිටුවට ගෙන්වන ආයතන

‍මේ සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවය.

හෙට (06) මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

මේ අතර හෙට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සහ හෙට රජයේ මුදල් පිළිබද කාරක සභාව ද රැස්වීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published.