ගනේමුල්ල සංජීවට දින 90ක රැඳවුම් නියෝග

පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානයක අපරාධ  කල්ලි නයක මෙන්ම  ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තාට ත්‍රස්තවාදය වැල්ක්වීමේ ආඥා පනත යටතේ අද  (15) දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මේ අනුව සැකකරු  දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර හිමිව ඇති බවද හෙතෙම පැවසීය.

මුහුදු මාර්ග ඔස්සේ මෙරටින්  පැනගොස් විදේරට වල සිටි ඇති  අතර, සිදුකර ඇති අපරාධ,  මත්ද්‍රව්‍ය   ජාවාරම්කරුවන් හා ත්‍රස්තවාදි කණ්ඩායම්  සමග සම්බන්ධකම් පවත්වා ඇති ද යන්න, ඒ බව සනාත කර ගැනීම ප්‍රශ්න කිරීමට මෙම නියෝග ලබාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Leave a Reply

Your email address will not be published.