විදේශ රැකියා ජාවාරමක් කොටු වෙයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැති ව ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබාදීම සඳහා පුද්ගලයන් බඳවාගැනීම සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට පවත්වාගෙන ගිය මෙම ආයතනය, වලංගු රැකියා ඇණවුමකින් තොර ව විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවාගැනීම සිදු කරන බවට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්ය.

සැකකරු, සමාජ මාධ්‍යය ඔස්සේ දැන්වීම් පළ කරමින් රැකියා ලබාදීම සඳහා පුද්ගලයන් බඳවා ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

අදාළ ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 272ක්, ජීව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන රැසක් ද නිලධාරීන් භාරයට ‍ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published.