අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 10 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකට සම්බන්ධ ව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර පොලිස් විශේෂ කාර්‍ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (15) මීගොඩ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

සැකකරුවන් දෙදෙනා සමඟ, වෙඩි තැබීම සඳහා භාවිත කළ පිස්තෝලයක් ද සොයාගෙන තිබේ.

සැකකරුවන්, වයස අවුරුදු 47 සහ 28 යන වයස්වල පසු වන මීගොඩ සහ තාලාතුඔය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය මෙහෙයවයි. 

Leave a Reply

Your email address will not be published.