යුද හමුදාවේ කීර්තිරත්නගෙන් ලෝක වාර්තාවක්

යුද්ධ හමුදාවේ මාණ්ඩලික සැරයන් කේ. අයි. එස් කීර්තිරත්න මහතා ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබේ.

ඒ, පේදුරු තුඩුවෙන් ඇරඹූ පාගමන දෙවුන්දර තුඩුවෙන් අවසන් කරමිනි.

ඔහු යාපනය, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 580.16 ක දුරක් පාගමනින් පැමිණ තිබුණි. 

පසුගිය සැප්තැම්බර් මස 05 වනදා පේදුරු තුඩුවෙන් ගමන් ආරම්භ කරනු ලැබූ පාගමන සැප්තැම්බර් මස 16 වනදා උදෑසන දෙවුන්දර තුඩුවෙන් සාර්ථකව නිමා කිරීමට ඔහුට හැකිවිය.

මාණ්ඩලික සැරයන් කීර්තිරත්න මහතා කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක පසුකරමින් දින 12 කට පසු එලෙස දෙවුන්දර තුඩුවට පැමිණියේය.

පාගමන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ නියෝජිත සාමාජිකයින් විසින් නව සෙරන්ඩිබ් ලෝක වාර්තාව සඳහා වූ සහතිකය මාණ්ඩලික සැරයන් කේ. අයි. එස් කීර්තිරත්න මහතා වෙත භාරදෙන ලදි.

Leave a Reply

Your email address will not be published.