ටී 56 ගිනිඅවියක් පොලිස් භාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ‘ගණේමුල්ලේ සංජීව’ගෙන් මේ වනවිට සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය ටී56 වර්ගයේ ගිනිඅවියක් සොයාගෙන තිබේ.

ඒ අනුව අදාළ ගිනිඅවිය ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක ඝාතනවලට යොදාගත් ගිනිඅවිය බවට මේ වනවිට අනාවරණය වී ඇත.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ලේ සංජීව පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර ගනේමුල්ල සංජීව සිදුකළ අපරාධ රැසක් ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව වාර්තා වන බැවින් ඔහු මේ වනවිට වීරඟුල පොලිසියේ රඳවා සිටින බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ගනේමුල්ලේ සංජීව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා අවසර ලබාදුනි.

Leave a Reply

Your email address will not be published.