අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහැරියොත් දැඩි දඬුවම්

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවිය හැකිවන පරිදි නීති සකස් කිරීමට ඉදිරියේ කටයුතු කරනු ඇතැයි වාර්තා පළ වේ.

මීට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබැනට් පත්‍රිකාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන්ය.

ප්‍රේම සබඳතා පවත්වන අතරතුරදී ලබා ගන්නා පෞද්ගලික සහ නිරුවත් ඡායාරුප, වීඩියෝ දර්ශන එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අරමුණෙන් වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම නව නීති සකස් කර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකිය.

එමෙන්ම දෙවැනි වරදකට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමේ හැකියාව පවතින බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.