මහේස්ත්‍රාත් නිල නිවසෙ සිටි පී.සී ට පිහියෙන් ඇනලා

බම්බලපිටිය  ෆොන්සේකා පාර පිහිටි අලුත්කඩේ  අංක 06    මහේස්ත්‍රාත්වරයාගේ  නිල නිවසේ ආරක්ෂාවට යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා ට    පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදී  තුවාල සිදුකර ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.

එම නිල  නිවසට යාබදව නවතා තිබූ රථයක  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පැති කණ්නාඩි ගලවමින් සිටියදී එම ශබ්දය ඇසී පොලිස් කොස්තාපල්වරයා   එම ස්ථානයට ගිය අවස්ථාවේ  සැකකරුවන් පලා යාමට උත්සාහ ගෙන ඇති බවත්  එක්   සැකකරුවෙක් විසින් පොලිස් කොස්තාපල් වරයාට වැනි තියුණු ආයුධයකින් ඇන පලා ගොස් ඇත.

මෙම ප්‍රහාරයෙන් කොස්තාපල්වරයාගේ දකුණු අත කැපීම් තුවාල සිදුව ඇති බවත් ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.