අඩුආදායම් ලාභීන්ගේ විදුලි බිල අඩු කරන්න සාකච්ඡා

ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් සහ අඩුආදායම් ලාභී පවුල්වල විදුලි බිල තුළනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන්  පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ මහතා සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ මහතා සහ අමාත්‍යාවරයා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (18) පැවැත්විණි.

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති සහ සැළසුම්, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවට අදාල ආකෘතිය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සංවර්ධන නියෝජිත ආයතන ලබාදෙන සහය ආදිය පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published.