පොලිස් ගිනිඅවියෙන් ජාවාරම්කරු වෙඩිතබයි

ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති සාදයක් අතරතුර අහසට වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තාවී තිබුණි.

මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පෙරේදා (25) රාත්‍රියේ පැවති මත්පැන් සාදයකට සහභාගිවූ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුට අයත් රාජකාරි ගිනිඅවියෙන් එලෙස අහසට වෙඩිතබා තිබේ.

අදාළ වෙඩිතැබීම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ නීතිවිරෝධී ජාවාරම්වල නිරත පුද්ගලයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව ගොකරැල්ල පොලීසිය පවසයි.

මැල්සිරිපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටි එම හෝටලයේදී පෙරේදා රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අනුයුක්තව සේවය කරන අදාළ ආරක්ෂක නිලධාරියා (සැරයන්වරයා) නීතිවිරෝධී ජාවාරම්කරුවා ඇතුළු පිරිසක් සමග එක්වී එදින රාත්‍රියේ එම හෝටලයේදී මත්පැන් සාදයක් පවත්වා ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සැරයන්වරයා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මත්වී ඔහු රැගෙන ගොස් තිබූ රාජකාරී පිස්තෝලය නීතිවිරෝධී ජාවාරම්කරුට ලබාදී ඇති බවත් ඔහු එය හෝටලයෙන් එළියට රැගෙන ගොස් අහසට වෙඩි ප්‍රහාර 02ක් එල්ලකර ඇති බවත් ය.

Leave a Reply

Your email address will not be published.