අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත්ත බව කියන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සැකකරුවෙකු සමසග අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීය.

සැකකරු වරෙන්තු රැසක් ලබා ඇති පුද්ගලයෙකි.

දෙහිවල කවුඩාන ආණ්ඩු වත්ත ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පැවසීය. 

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසියට ලැබී තිබූ රහසිගත තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බඩෝවිට රජිත නොහොත් ‘ලොකූ’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන පුද්ගලයා මෙම සැකකරු බවට අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි. 

සැකකරු තියුණු ආයුධවලින් පුද්ගලයින්ට පහරදීම සම්බන්ධයෙන් දෙහිවල සහ විලච්චිය පොලීසිය මගින්  පැවරූ නඩුවලට අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර මත්ද්‍රව්‍ය චෝදනාවකට කොහුවල පොලීසිය මගින් පැවරූ නඩුවකට ද වරෙන්තු නිකුත්ව ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

38 හැවිරිදි සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.