හරක් කටා සිද්ධියේ තවත් කතාවක් එළියට

සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවෙන් පැන යාම සඳහා උපකාර කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයා භාවිත කළ බවට සැක කරන ජංගම දුරකථනයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කඩවත ප්‍රදේශයේ කසල ගොඩක දමාගොස් තිබිය දී එම ජංගම දුරකථනය සොයාගෙන ඇති බව වාර්තා වේ.

ජංගම දුරකථනය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුට අයත් වූවක් බව සඳහන්ය.

අදාළ පොලිස් කොස්තාපල්වරයා මෙම පුද්ගලයා සමඟ කඩවත ප්‍රදේශයට ගොස් ඇති අතර, කසළ ගොඩක තිබී සොයාගැනුණු මෙම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබාගෙන ඇති බවට පොලීසිය මේ වන විට සැක පළ කරයි.

Leave a Reply

Your email address will not be published.