තඹලගමුව රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්

තඹලගමුව පොලිස් වසමට අයත් කොවිල් අඩි පිහිටි තඹලගමුව ප්‍රාදේශීය රොහලේ ඹෞෂධ ගබඩාවේ ඇතිවු ගින්නකින් අද (01) උදැසන එම ගබඩාව,කාර්යාලය හා රසායනාගාරය සම්පුර්ණයෙන් විනාශ වි  ගිය බව පොලිසිය කියයි.

 ත්‍රිකුණාමලය නගර සභා ගිණි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වු නමුත් ඒ වන විටත් එම ගොඩනැගිල්ල ඇතුළත ගින්න ව්‍යාප්තව ගොස් තිබුණි.මෙම ගොඩනැගිල්ල රෝහල් සංකීර්ණයට යාබදව වෙනමම පිහිටා තිබු නිසා රෝහලට හානියක් සිදුවි නොමැති බව පොලිසිය කියයි.

  ගින්න හට ගන්නා අවස්ථාවේ රාජකාරි යෙදි සිටි මුරකරැ පවසන්නේ මුලින්ම ගින්න ඹෞෂධ ගබඩාවේ වායු සමීකරණ යන්ත්‍රයක් තුලින් හටගත් බවයි.

Leave a Reply

Your email address will not be published.