විභාග අවසන් වූ සිසුන්ට වෘත්තීය පුහුණුවක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ඉදිරියේ දී පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ද විභාගය අවසන් වීමෙන් පසු වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බව පවසන අමාත්‍යවරයා, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් මෙම පාඨමාලා සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව කියා සිටියේය.

ගිංතොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published.