පාසලක විදුහල්පති ඇතුළු 26 දෙනෙක්ට බඹර ප්‍රහාරයක්

බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් වෙන්නප්පුව – මාටින් ද ෆොරස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙක් රෝහල්ගත කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ තුවාලකරුවන් සියලුදෙනා ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවය.

අදාළ පිරිස අද (02) දහවල් බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

තුවාලකරුවන් අතර, එම විදුහලේ විදුහල්පති, ගුරුවරු 4දෙනෙක් සහ දරුවන් 21 දෙනෙක් සිටින බව වාර්තා වේ.

ඉන් විදුල්පතිවරයා, ගුරුවරු දෙදෙනෙක් සහ දරුවන් සිව්දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල මුලික රෝහලට මාරු කර යවා තිබේ.

පාසල අසල වත්තක තිබූ බඹර කූඩුව එක්වරම ඇවිස්සී බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published.