රජයෙන් මූල්‍ය අරමුදලට ඉල්ලීමක්

මීට වඩා බදු බරක් මේ මොහොතේ  ජනතාව මත පටවන්නට නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බදු ආදායම ලබා ගැනීමේ ඉලක්කයක් තිබිය යුතු බවත් ඒ සඳහා තිබෙන බදු තවත් වැඩි කළ යුතු බවත් මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබෙන බව කී විජයදාස රාජපක්ෂ මහතා එම ඉල්ලීම නැවත සලකා බලන ලෙස මූල්‍ය අරමුදලෙන් රජය ඉල්ලා ඇති බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.