පෞරාණික බුදු පිළිමයක් අලෙවි කරන්න ගිය දෙකක් දැලේ

පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල්13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළේ  යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු පූනෑව පරණ හල්මිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් විකිණීමට උත්සාහ කළ රන් පැහැති බුදු  පිළිමයද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ පූනෑව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනා බුදුපිළිමය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක කළමනාකාර වරයෙකු ලෙස සේවය කරන අයෙක් සහ වව්නියාව පාවක්කුලම් ප්‍රදේශයේ පදිංචි අයෙකි.

Leave a Reply

Your email address will not be published.