අමෙරිකානු ජනාධිපතිවරයා අද ඊශ්‍රායලයට පැමිණි අතර, එහි දී ඔහු සිය සහයෝගීතාව ඊශ්‍රායලයට ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්ය.
එසේම ජෝ බයිඩන්, ඊශ්‍රායල නායකයා සමඟ යුද සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ.
ජනාධිපති ජෝ බයිඩන්, ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තරයේ ඇති වී තිබෙන කැලඹීම සහ අප්‍රසාදය මධ්‍යයේ ජෝ බයිඩන් ගේ ජෝර්දාන සංචාරය මේ වන විට අවලංගු වී ඇත.
ඊශ්‍රායල සංචාරය අතරතුර දී අමෙරිකානු නායකයා, තාවකාලික ව පිහිටුවා ඇති ඊශ්‍රායල යුද කැබිනට්ටුව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද අමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර තිබේ.