රුපියල් මිලියනයක කප්පමක් ලබා නොදුන් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට යමින් සිටි දෙදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ගේ ගෝලයකු රුපියල් විසිදහසක කොන්ත්‍රාත්තුවකට ඔවුන් දෙදෙනා මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.