ගාසා තීරයේ මරණ 3,487 ක්

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි.

මියගිය පලස්තීන වැසියන්ගෙන් පමණක් නොව, තුවාල ලැබූ පලස්තීන වැසියන්ගෙන් ද සියයට 70 ක් දෙනා වැඩිහිටියන්, කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පූර්ණ සහාය ඊශ්‍රායලයට හිමිවී ඇත.

ඊට අප්‍රසාදය පළ කරන පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පවසා ඇත්තේ, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දීමට ඉදිරිපත් වීම, අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවය.

ඊශ්‍රායලයට රිසි පරිදි ගාසා තීරයට පහර දීමට ඇමෙරිකාවේ අනුමැතිය හිමිවී ඇති බව එයින් තහවුරු වන බව ද පලස්තීන ජනාධිපති අබ්බාස් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published.