පාතාලය මඬින අලුත්ම ක්‍රමය

ඉදිරි මාස 06 තුළ අපරාධ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු පැවසුවේ විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරට සිදුවන අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති අතර ඊට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් මේ වන විට පොලිස් භාරයේ පසුවන බවය.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published.