කොළඹ බදුල්ල මාර්ගය යළි වැසෙයි

පැවති අධික වර්ෂාව සමග බත්ගොඩ   නායයාම නැවතත් සක්‍රියවී අද (7) සවස හතර පමණ සිට  කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන්  සම්පූර්ණයෙන්ම අවහිර වීඇති බව පොලීසිය කියයි. 

එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

විකල්ප මාර්ග ලෙස හාල්අටුතැන්න කිරවනාගම හරහා මං තැන්න බෙරගල මාර්ගය ,කිරවනාගම හරහා නිකපොත වැල්ලවාය මාර්ගය, ඇල්ල වැල්ලවාය මාර්ගය බණ්ඩාරවෙල  වැලිමඩ හරහා කොළඹ මාර්ගය පොලිසිය නම් කර තිබේ.

දෙපස වාහන පෝලිමක් දක්නට ලැබෙන අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

 නාය යාම මඩ වතුර සමග ගලා එන බැවින් සහ ලඟා වීම අනතුරුදායක බැවින් මාර්ගය පිළිසකර කිරීමේ  කටයුතු වලට බාධා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published.