තැපෑලට දින තුනක් නිවාඩු නෑ

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අද(8) හෙට(9) සහ අනිද්දා (10) අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත්කුමාර මහතා තීරණය කර ඇත.

තැපල් සේවය මහජනතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් යුතුව මෙම පියවර ගෙන ඇත.

මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයන් පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරිණ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ මෙහෙයවීමෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published.