දකුණේ සහ බස්නාහිර වෙඩික්කරුවෝ 08ක් කොටුවෙති

දිවයින පුරා ගත වූ මාස කිහිපයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් රට තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 62ක් සිදු කර තිබේ.

එහි දී පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

රට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සිදු කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මේ පිළිබඳ අනාවරණය වී ඇත.

එහි දී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, දකුණ සහ බස්නාහිර පළාත්වල වෙඩි තැබීම් සිදු කළ වෙඩිකරුවන් අට දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.