මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු ජීවිතක්ෂයට

‍තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ මුහුදේ දියනාමින් සිටි විදේශිකයකු දියේ ගිලී මියගොස් තිබේ.

අදාළ විදේශිකයා දියවැලකට හසු ව ගසාගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පිරිසක් විසින් ඔහු බේරාගෙන තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ, 49 හැවිරිදි ජර්මානු ජාතිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Leave a Reply

Your email address will not be published.