යුද හමුදා වෑන් රථයක් ටිපර් රථයක ගැටී නිලධාරියෙක් මරුට

දඹුල්ල – හඹරණ මාර්ගයේ අවුඩංගාව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද (09) අලුයම අනතුර සිදුව ඇති බවය.

දඹුල්ලේ සිට හබරණ දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් වෑන් රථයක් එම දිසාවටම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී ටිපර් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ රියදුරු සහ යුද හමුදා නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී වම්පස ඉදිරි අසුනේ සිටි නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.