අයවැයට වෘත්තිකයෝ දැක්වූ ප්‍රතිචාර

2024 වර්ෂයට අදාළ අයවැය ලේඛනය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකරන අවස්ථාවේදී වෘත්තීය සමිති කිහිපයක් පොල්දූව මංසන්ධියට එක්රැස්වී තිබුණි.

එහිදී ඔවුන් සඳහන් කළේ මෙවර අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් තමන් අපේක්ෂා කරන බවය.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා,

“20,000ක් දුන්නේ නැත්තම් සටන අඛණ්ඩව ඉදිරියට යනවා.” 

මේ අතර පාර්ශ්ව රැසක් අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,

“අපේ ප්‍රශ්නය ගැන එක වචනයක්වත් කතා කළේ නැහැ.” 

සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා,

“සමස්ත වැඩබිමම අවදි වියයුතුයි. මේ පාර එළවලා මිසක් නවතින්නේ නැති අරගලයක් එන්න වෙනවා.”

Leave a Reply

Your email address will not be published.