අයවැය පරතරය 9.1%ක්

2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි.

එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි.

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා අයවැය මගින් වෙන්කර ඇති රුපියල් බිලියන 450, වියදමක් ලෙස දක්වා ඇති අතර අයාවය පරතරය 9.1%ක් වී ඇත්තේ එම අගයත් සමගය.

Leave a Reply

Your email address will not be published.