නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරන්නැයි ඉල්ලයි

නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් කිසිදු ව්‍යාපාර අරමුණකට භාරනොදී සංරක්ෂණය කරදෙන මෙන් ඉල්ලා සර්ව ආගමික නායකයන් ඇතුලු පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සන්දේශයක් භාරදී තිබේ.

තැපැල් හා විදුලි සංදේශ වෘත්තිය සමිති සහ රාජ්‍ය අංශය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනතාවගේ අත්සන් යුතුව එම සංදේශය භාරදී ඇත.

අදාළ සංදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට කටයුතු කරන ලෙස එම පිරිස එහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

Leave a Reply

Your email address will not be published.