සත් හැවිරිදි දියණියක පැහැරගත් තරුණයෙක් අත්අඩංගුවට

අමනාප වූ පෙම්වතිය යළි ගෙන්වාගැනීම සඳහා ඇගේ සහෝදරයා ගේ සත් හැවිරිදි දියණිය තරුණයකු විසින් පැහැරගැනීමේ සිදුවීමක් හොරණ, ගෝනපොළ, ඇටඹහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසු ව පෙම්වතා සිය පෙම්වතිය ගෙන්වාගෙන තිබුණේ, දැරිය සමඟ සිටින ඡායාරූපයක් පෙම්වතියට යවා, ඇය නොපැමිණියහොත් දැරිය මරා දමන බවට තර්ජනය කරමිනි.

පසු ව දැරිය පෙම්වතිය ගේ ඥාති නිවසකට ගෙනගොස් දමා ඔහු සිය පෙම්වතිය රැගෙන පළා ගොස් තිබිණි.

ඒ අනුව පැහැර ගැනීමට ලක් වූ තරුණිය සොයා විමර්ශන ආරම්භ කළ මොරගහහේන පොලීසිය විසින් ඊයේ (14) සැකකාර පෙම්වතා හා පැහැරගැනීමට සහාය වූ ඔහු ගේ මස්සිනා ගෝනපිනුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වූ තොරතුරුවලට අනුව, ගෝනපීනුවල ප්‍රදේශයේම පිහිටි සැකකාර පෙම්වතා ගේ නිවසේ රඳවා සිටි තරුණිය ද සොයා ගැනිණි.

පැහැරගැනීමට සැකකරුවන් භාවිත කළ මෝටර් රථය ද පොලීසිය සොයාගෙන ඇති අතර, එය කුලී පදනම මත ලබාගත් එකක් බව අනාවරණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published.