ගල් කුට්ටි සහිත පස් කඳු පෙරලීමෙන් මාර්ගය අවහිර විය හැකි බැවින් ගන්නෝරුව – ගොහාගොඩ ප්‍රධාන මාර්ගය භාවිතයෙන් වළකින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය අද දැනුම් දුන් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය එම මාර්ගයේ කළ ක්ෂේත්‍ර නිරීක්ෂණය අනුව ප්‍රධාන මාර්ගය සහිත එම කලාපය තව දුරටත් අවදානම් සහිත යැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට දැනුම් දුන් බව ද සහාකර අධ්යක්ෂවරයා කීවේය.
අධික වැසි හේතුවෙන් ගන්නේරුව – ගොහාගොඩ මාර්ගයට සමාන්තරව පිහිටි කදු බෑවුමේ පස් හා ගල් පෙරලීම් රැසක් පසුගිය දිනවල සිදුවිය. මේ හේතුවෙන් පයින් හා වාහනවලින් ගමන් කිරීම අවදානම් සහිත බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස සහකාර අධ්යක්ෂවරයා මහජනයාගෙන් ඉල්ලා සිටියි.