මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක් සිදුවෙයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව එම මාර්ගයේ ගමන් ගත් වාහන ධාවනය කිරීමේ දී මාර්ගයේ බෑවුම් ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසයි පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එම මාර්ගයේ ස්ථාන කිහිපයක නායයෑමේ සහ පස්කඳු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් රථ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන ලෙසද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published.