අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට දැනුම්දීමක්

දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට වාහන අතර මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්​ග රථවාහන පොලීසිය ඉල්ලීමක් සිදුකරනවා.

ආලෝක තත්ත්වය අඩුවී, අඳුරු ස්වභාවයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී මාර්​ග රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම්දෙනවා.

Leave a Reply

Your email address will not be published.