ආයුධ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ඝාතන කල්ලි දෙකක සාමාජිකයන්ගෙන් පළිගැනීම සඳහා සූදානම් කර තිබූ ආයුධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ වළදමා තිබූ T56 ස්වංක්‍රීය ගිනිඅවියක්, ජීවඋණ්ඩ 30ක් සහ පතොරම් ගැබක් සමගිනි.

කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ එක් සැකකරුවෙක් ප්‍රධාන සැකකරුවෙකුට ආධාර අනුබල දුන් අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය.

එම සැකකරුවන් සතුව තිබී හොරයින් මත්කුඩු ගෑම් 12යි මිලිගෑම් 910ක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් භාරයට ගත් ගිනිඅවියේ රහස් අංකය මකාදමා ඇතැයි ද පොලීසිය පවසයි.

කුඩාවැල්ල, හුණුකෙටුවාවලවත්ත නිවසක පදිංචි 34 හැවිරිදි  පුද්ගලයකු හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගිනිඅවිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇත.

2018 දෙසැම්බර් 25 වනදා තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී T56 ගිනිඅවියකින් වෙඩිතබා පුද්ගලයන් පස්දෙනකු ඝාතනයට ලක්විය.

එයින් පුද්ගලයන් තිදෙනෙකුම අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ ඥාතී සහෝදරයන් බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

2021 වසරේදී ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සහෝදරයාද ඝාතනයට ලක්වී තිබේ.

එම ඝාතන සිදුකළ පාර්ශ්වලින් පළිගැනීම සඳහා මෙම ගිනිඅවිය තබාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

Leave a Reply

Your email address will not be published.