විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ගැන අධිකරණ තීන්දුවක්

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින් වෛද්‍යවරුන් පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

Leave a Reply

Your email address will not be published.