උත්සව සමයේ ඉන්ධන පරිභෝජනය පහළට

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්ධන සඳහා පාරි‍භෝගික ඉල්ලුම සියයට 50කින් පමණ අඩු වී ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය. 

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බව ද ශෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඉන්ධන ඉල්ලුම අඩුවීමට හේතු වී ඇති කරුණු පිළිබඳව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළේය.

“මිල ඉහළ යාමත් ජනතාව දැන් හුඟාක් වාහනවලින් ගමනාගමනය අඩුකරලා තියෙන්නේ. හුඟ දෙනෙක් පොදු ප්‍රවාහනයේ යනවා. පරණ තිබුණ පරිභෝජනය හා සසඳා බලද්දි ගොඩක් අය අත්‍යවශ්‍ය ගමන් සඳහා තමයි තෙල් ගහලා වාහනේ තියාගෙන ඉන්නේ. ත්‍රීවිල්, බයික් පොඩ්ඩ පොඩ්ඩ හරි ගහනවා. පිට පළාත්වල ෂෙඩ්වල මේක හොඳට පේනවා. ඒ පැත්තෙන් බලනකොට වෙළෙඳාම සෑහෙන අඩුවෙලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published.