ගිය වසරේ නාවික මෙහෙයුම්වලින් ජාවාරම්කරුවන් 343ක් අත්අඩංගුවට

පසුගිය 2023 වසරේ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.

මෙරට සාගර කලාපය ඔස්සේ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම ශ්‍රිලංකා නාවික හමුදාව නිරන්තර සාර්ථක මෙහෙයුම් කරන බවත් ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම්වලින්  ලද ‍තොරතුරු අනුව, 2023 වර්ෂයේ කල සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් හෙරොයින් කිලෝග්‍රෑම් 715 කට අධික තොගයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3711 කට අධික තොගයක්, දේශීය ගංජා කිලෝග්‍රෑම් 50 කට අධික තොගයක්, හෂීෂ් කිලෝග්‍රෑම් 140 කට අධික තොගයක් සහ අයිස් කිලෝග්‍රෑම් 11 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවත් නාවික හමුදාව කියයි.

දේශීය ගංජා පැළ 92572 ක් ද අත්අඩංගුවට ගෙන විනාශ කළ අතර  මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දේශිය ධිවර යාත්‍රා 18 ක් සමඟ සැකකරුවන් 187 ක්, ඉරාන යාත්‍රාවක් සමඟ ඉරාන සැකකරුවන් 05 ක්, පාකිස්ථානු සැකකරුවන් තුනක් (03) සහ ඉන්දීය ධිවර යාත්‍රා 02 ක් සමඟ ඉන්දීය සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කළ බවත් නාවික හමුදාව සදහන් කරයි.

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තැත්කල විදේශීය මත්පැන් බෝතල් 191 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 08 ක්, නීතිවිරෝධී දුම්වැටි 41380 ක තොගයක්, මත්පෙති 1016755 ක තොගයක්,  මදන මෝදක 2642 ක තොගයක් සමඟ සැකකරුවන් 42 ක්, ගජමුතු 11 ක ප්‍රමාණයක් හා නීතිවිරෝධී ලෙස විදේශ ගත කිරීමට සූදානම් කර තිබූ රත්තරන්   කිලෝග්‍රෑම් 14 කට අධික තොගයක් සමඟ දේශීය යාත්‍රා 03 ක් හා සැකකරුවන් 11 ක්ද  පසුගිය 2023 වර්ෂයේදී නාවික හමුදාව භාරයට ⁣ගත් බව ද කීය.

Leave a Reply

Your email address will not be published.