ගබඩාවක සඟවා තිබූ ලැප්ටොප්-දුරකතන සමඟ අයෙක් මාට්ටු

 තීරු බදු නොගෙවෙමින්    හොර රහසේ මෙරටට ගෙන්වන ලද බව කියන රුපියල් කෝටියකට ආසන්න වටිනා ජංගම දුරකථන   සහ ලැප්ටොප් පරිඝණක තොගයක් ගෑන්ඩ්පාස්  ගබඩාවක  සඟවා තිබියදී   සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි 

ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 66 ක් සහ  ලැප්ටොප්  පරිගණක 10 ක් එහි තිබී පොලිස් භාරයට ගෙන ඇත යුක්තිය මෙහෙයුමට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථාපිත කර තිබෙන විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන කොළඹ මධ්‍යම පාර පදිංචිකරුවෙකි .සැකකරු සහ පොලිස් භාරයට ගත් දේපළ වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස්   පොලිසිය වෙත භාරදී ඇත

Leave a Reply

Your email address will not be published.