ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරෙයි

ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු මොලේ උණ (meningitis)රෝගය වැළඳි මියගිය බව තහවුරු වීම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර කොමසාරිස් (මෙහහෙයුම් හා බුද්ධි ) මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ සෞඛ්‍ය නිර්දේශයන් අනුව මෙම පියවර ගෙන ඇති බවය. 

ඒ අනුව, ගාල්ල බන්ධනාගාරයට ගෙන එන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නියෝගය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.