රාජ්‍ය සේවකයන්ට වැඩි කළ 10000න් 5000ක් මෙි මාසයේ සිට

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ රුපියල් 10000 ක දීමනාවෙන් රුපියල් 5000 ක මුදලක් ජනවාරි  මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ප්‍රකාශ කර තිබේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට අදාල වැටුප් වැඩි වීම කළේය. ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published.