ගාල්ලේ දී ඇල්ලූ යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 300ක් ඇති බව හෙළිවෙයි

ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් හඳුනාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඒවා පාර්සල් 278ක අසුරා තිබූ බවය.

මත්ද්‍රව්‍ය රැගෙන ආ මෙරට බහුදින ධීවර යාත්‍රාව සමග එහි සිටි සැකකරුවන් 06 දෙනෙකු ද දකුණු මුහුදේදී නාවික හමුදා  අත්අඩංගුවට පත්විය.  

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්වී ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ දී මෙම මෙහෙයුම සිදුකර තිබුණි.

ඊයේ (04) රාත්‍රියේදී මෙම මෙහෙයුම සිදුකළ අතර අද (05) උදෑසන අදාළ යාත්‍රාව සහ සැකකරුවන් ගාල්ල වරාය වෙත රැගෙනවිත් තිබේ.

Leave a Reply

Your email address will not be published.