නිධන් හාරන්න යද්දී පොලීසියට මාට්ටු

හපුතලයේ වයි හන්දිය අසලදී අද  (05)   පොලිසි තුනක් සහ විශේෂ කාර්ය බළකාය එක්ව කළ විශේෂ රථවාහන පරීක්ෂාවකදී නිදන් හෑරීම සඳහා තීරෝද රථයකින් ගමන් ගත් හතර දෙනකු අදාළ ආම්පන්න තොගයක් ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවල පොලිස් අධිකාරී කාර්යාලය පැවසීය. 

 ගල් විදින මැෂිමක් ,වෙඩි බෙහෙත්   ඩෙටනේටර් ,පූජා භාණ්ඩ සගවා ගෙන   ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි සිව් දෙනකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්   බලන්ගොඩ, බදුල්ල, සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල පදිංචි අය බවද පොලීසිය හඳුනාගෙන තිබේ.

මොවුන් විසින් කුමන ස්ථානයක නිදන් හෑරීමට යන්නේ ද යන්න සොයාගැනීම සඳහා පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න  කරමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

Leave a Reply

Your email address will not be published.