සුරා බලපත්‍ර ගාස්තු වැඩි කළාට විරෝධයක්

සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන්මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර ඇත.

මත්පැන් නිෂ්පාදනය අඩු වී ඇති අවස්ථාවක මෙලෙස බලපත්‍ර ගාස්තු මුදල් වැඩි කිරීමෙන් ආයතන පවත්වාගෙන යෑම ගැටළුවක් බව එම මත්පැන් නිෂ්පාදන ආයතන හිමිකරුවෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ලබන ජනවාරි මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇත. මේ අනුව ස්කාරකාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වනු ඇත.

එම ගාස්තුව මීට පෙර පැවතුණේ ලක්ෂ දහයක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published.