තෛපොංගල් දිනය අදයි

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.

ලෝකවාසී හින්දු භක්තිකයින් සමග මෙරට හින්දු භක්තිකයින් අද එම උත්සවය හරසරින් සැමරීමට සුදානම්ව සිටී.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් බවය.

Leave a Reply

Your email address will not be published.