පානදුර මුහුදේ ගිලී පෝලන්ත ජාතිකයෙකු මරුට

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පෝලන්ත ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඊයේ (20) සවස් කාලයේ දී එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ, 61 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක් බව පොලීසිය පවසයි. 

ඔහු පානදුර – දකුණ පොලිස් වසමේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර, පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබිණි.

එහි දී පෝලන්ත ජාතිකයා දිය වැලකට හසු වී ගසාගෙන යමින් සිටිය දී එම හෝටලයේ ජිවිතාකරක්ෂක නිලධාරීයා විසින් ගොඩට ගෙන පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පානදුර දකුණ පොලිසිය විසින් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.