19න් පහළ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද

19න් පහළ අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (21) පැවැත්වීමට නියමිතයි.
    
තරගය දකුණු අප්‍රිකාවේ කිම්බර්ලිහි දී අද පස්වරු 01.30ට තරගය ආරම්භ වීමට නියමිත ව ඇත.

නේපාල සහ නවසීලන්ත 19න් පහළ කණ්ඩායම් අතර තරගය ද අද පැවැත්වීමට නියමිත ව තිබේ.

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කාණ්ඩ 04ක් යටතේ කණ්ඩායම් 16ක් තරග වදින අතර, ශ්‍රී ලංකාව සී කාණ්ඩයට ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published.