‘විශ්ව බුද්ධ’ යළි අත්අඩංගුවට

විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියා ව කළගෙඩිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

නමුත් මොහු අධිකරණයේ අවවාද නොතකමින් සුපුරුදු ලෙස හැසිරෙන බව පවසා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published.