පොලිස් නිලධාරියෙක් රිය අනතුරකින් මරුට

රිය අනතුරකට ලක්වී පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කතරගම පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද (24) දහවල් තිස්සමහාරාම කතරගම මාර්ගයේ පුංචි අකුරුගොඩ ප්‍රදේශයේදී තිස්සමහාරාම දෙස සිට කතරගම දෙසට පෞද්ගලික බස් රථයක් ධාවනය වී තිබුණි.

බස් රථය මාර්ගයේ ද්විත්ව රේඛා නීති උල්ලංඝනය කරමින් එම දෙසටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක් ඉස්සර කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී ති‍බේ.

එම අනතුරෙන් යතුරුපැදියේ පසුපස සිටි පොලිස් කොස්තාපල්වරයා බරපතළ තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.